Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2023 19:21:41 Hours

Qatar IWF Grand Prix -2023’ තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කම් දෙකක් යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ජාතික බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි. කුමාර පසුගිය සඳුදා (දෙසැම්බර් මස 4) දින පැවති ‘Qatar IWF Grand Prix -2023’ තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්විය.

‘Qatar IWF Grand Prix -2023’ තරඟාවලිය දෙසැම්බර් මස 2 දින ආරම්භ වූ අතර, එම තරඟාවලියේ අවසන් මහා තරඟය දෙසැම්බර් මස 14 දින කටාර් රාජ්‍යයේ දෝහාහිදී පැවැත්වීමට නියමිතව ඇත.