Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2023 18:45:26 Hours

ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත්කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්හි දායකත්වය

අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 06) දින ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස් සහ ගල් ඉවත් කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

යුද්ධ හමුදා භටපිරිස් දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු වල නිරත වෙමින් කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වෙතින් ලබාදුන් උපදෙස් මත භටපිරිස් කඩිනමින් එම පස් කන්ද ඉවත්කර දුම්රිය ගමනාගමන කටයුතු නැවත යථා තත්ත්වයට පත්කරනු ලැබීය.