2023-12-13 21:06:31
2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවයේ නියුතු ගර්භනී කාන්තා සෙබළියන් 21 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ මූල්‍යමය ආධාරයන් ලබාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින සිදුකරනු ලැබීය.
2023-12-13 21:03:07
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ 15 සංවත්සර දිනය වෙනුවෙන් ඔඩ්ඩුසුඩාන් විද්යාපුර ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින සිදුකරනු ලැබීය.
2023-12-13 21:00:12
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 14 වන සංවත්සරයට සමගාමීව මුලතිව්, පුදුකුඩිඉරිප්පු පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූව සැමරුම් උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 07) දින සංවිධානය කරනු ලැබීය.
2023-12-12 18:41:32
අධික වර්ෂාපතනය හේතුවෙන් දඹුලුහල්මිල්ලෑව වැවේ ජල මට්ටම ඉහළ ගොස් වැව් බැම්මේ ඇති වූ ජල කාන්දුවීමක් පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වු දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ආරක්ෂාව තහවුරු කිරිමට කටයුතු කළහ
2023-12-12 18:28:36
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ඒකකය වෙතින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු තෝරාගත් භටපිරිස් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් ප්රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-12-12 18:24:29
සායනයක් සහ ඇසේ සුද ඉවත් කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 9 දින පුල්මුඩේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය.
2023-12-12 18:16:57
විශේෂ බලකායේ 27 වන රෙජිමේන්තු දිනයට සමගාමීව විශේෂ බලකා රෙජිමේන්තුවේ ‘ප්රවීණයන්ගේ සුහද හමුව’ නාඋල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී 2023 දෙසැම්බර් මස 9 සිට 10 දින දක්වා පැවැත්විණි.
2023-12-12 18:15:13
17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 9 වන සංවත්සර දිනය 2023 නොවැම්බර් මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සහ සංවත්සර දිනයට සමගාමීව ප්‍රජා මූලික ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් සමරනු ලැබීය.
2023-12-12 09:01:45
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් 2023 දෙසැම්බර් මස 11 දින උඩුවර, හාලිඇල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් කන්දක් ඉවත් කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
2023-12-10 18:55:42
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් මස 7 දින නුවරඑළිය - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී මාර්ගයට වැටී තිබූ පස් කන්දක් ඉවත් කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කඩිනමින් පියවර ගනු ලැබීය.