Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2023 21:03:07 Hours

64 පාබල සේනාංකයේ සංවත්සර දිනය වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ 15 සංවත්සර දිනය වෙනුවෙන් ඔඩ්ඩුසුඩාන් විද්‍යාපුර ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින සිදුකරනු ලැබීය.

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසීගේ උපදෙස් මත එම ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන සිවිල් වැසියන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.