Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2023 18:16:57 Hours

විශේෂ බලකායේ රෙජිමේන්තු දින සැමරුම පැවැත්වේ

විශේෂ බලකායේ 27 වන රෙජිමේන්තු දිනයට සමගාමීව විශේෂ බලකා රෙජිමේන්තුවේ ‘ප්‍රවීණයන්ගේ සුහද හමුව’ නාඋල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී 2023 දෙසැම්බර් මස 9 සිට 10 දින දක්වා පැවැත්විණි.

රෙජිමේන්තු දින සැමරුම් උත්සවයේදී ආගමික වතාවත් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් පිරිත් සජ්ඣායනාවක් සහ රණවිරු අනුස්මරණ වැඩසටහනක් ඇතුළු තවත් වැඩසටහනක් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.

විශේෂ බලකායේ බලකාධිපති හා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී සහ විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්ගේ සහයෝගය සහ මඟපෙන්වීම මත මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සඳහා විශේෂ බලකායේ නිර්මාතෘ වන මේජර් ජෙනරල් ජී. හෙට්ටිආරච්චි ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික), කර්නල් ඩබ්ලිව්.එම්.ජේ. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික), මේජර් ජෙනරල් එම්. මුදන්නායක ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික), ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ (විශ්‍රාමික) ඇතුළු එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟින් බළලත් නිලධාරි I ආර්.එස්. මාමදූව ආර්ඩබ්ලිව්පි ආර්එස්පී (විශ්‍රාමික) ඇතුළු එම සංගමයේ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.