Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2023 09:01:45 Hours

යුද්ධ හමුදා භටපිරිස් හාලිඇල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් කන්දක් ඉවත් කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් 2023 දෙසැම්බර් මස 11 දින උඩුවර, හාලිඇල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් කන්දක් ඉවත් කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

මෙම පස්කන්ද වැටීමෙන් දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැය කිහිපයක් අඩාල වී පැවතිණි. ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙත සිදුවීම පිළිබඳ දැනුම් දීමත් සමඟ භටපිරිස් පස් කන්ද කඩාවැටී තිබූ හාලිඇල ප්‍රදේශයේ ස්ථානය වෙත ගොස් එම පස් කන්ද ඉවත්කර දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරන ලදී.