2024-01-04 19:04:44
68 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය දා යාපනය අර්ධද්වීපයේ දින දෙකක විනෝද චාරිකාවක නිරතවූහ. එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත දෙසැම්බර් මස 30 සහ 31 දෙදින තුළ මෙම විනෝද චාරිකාව සිදුකරනු ලැබීය.
2024-01-04 18:59:08
නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 14 වන සංවත්සර සැමරුමට සමගාමීව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව වැඩසටහන් මාලාවක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින සංවිධානය කරනු ලැබීය.
2024-01-03 21:37:15
ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව එම රෙජිමේන්තුව වෙතින් ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් එප්පාවල, පහළ මාරගස්වැව, නොච්චියාගම ප්‍රදේශයේ වෙසෙන එම රෙජිමේන්තු සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 30) දින විවෘත කර නිවාසලාභියා වෙත භාරදෙනු ලැබීය.
2024-01-03 16:47:47
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 18 වන රෙජිමේන්තු අධිපති ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (2024 ජනවාරි මස 01) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී භාරගත්තේය.
2024-01-03 16:44:50
52 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින කඩ්ඩෙයිකාඩු ක්‍රිස්තියානි දේවස්ථානයේදී නත්තල් කැරොල් ගීතිකා වැඩසටහනක් පැවැත්වීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි වූ අතර, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස යාපනය අගරදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රකාශම් පියතුමන් සහභාගී විය. කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ සිවිල් වැසියන් 2000 කට අධික පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
2024-01-03 16:42:37
යුද්ධ හමුදා මූලස්ථානයේ නව ප්‍රධාන සංඥා නිලධාරි ලෙස මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බදාදා (ජනවාරි මස 03) දින සිය රාජකාරී භාර ගන්නා ලදී.
2024-01-03 16:41:03
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2024-01-03 16:39:27
2024 නව වසර උදාව සනිටුහන් කරමින්, 56 පාබල සේනාංකය වෙතින් පසුගිය සඳුදා (ජනවාරි මස 01) දින උදෑසන චාරිත්‍රානුකූලව ධජ එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීතය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.
2024-01-03 16:37:11
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2023 දෙසැම්බර් මස 13 දින 9 සහ 5 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු මූලස්ථානයන්හි සංචාරයක නිරත වෙමින් එම ඒකක මූලස්ථානයන්හි මෙහෙයුම්, සැපයුම් සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීය.
2024-01-02 18:38:26
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් බම්බලපිටිය, රාජා ජුවලර්ස් සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ අතුල එළියපුර මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 31) දින සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ අධ්‍යාපනය ලබන දහම් පාසලේ සිසුන් 250 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.