03rd January 2024 16:37:11 Hours
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2023 දෙසැම්බර් මස 13 දින 9 සහ 5 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු මූලස්ථානයන්හි සංචාරයක නිරත වෙමින් එම ඒකක මූලස්ථානයන්හි මෙහෙයුම්, සැපයුම් සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීය.
සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් උණූසුම් අයුරින් පිළිගනු ලැබූහ. සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමට ප්‍රථම අණදෙන නිලධාරීන් විසින් සිය ඒකකයන්හි කාර්යභාරයන් පිළිබඳ එතුමන් දැනුවත් කළහ.
භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම ඒකකයන්හි කාර්යභාරය සුමටව පවත්වාගැනීම වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශයන් අණදෙන නිලධාරීන් වෙත ලබාදුන්නේය.
මෙම සංචාරයට ප්‍රථම සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 21 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් එම ඒකකයන්හි පාලන පරික්‍ෂාවක් පැවැත්වීය. බලඇණි තුළ මෙහෙයුම්, සැපයුම් සහ පරිපාලන කටයුතු හා සබැඳි කරුණු පිළිබඳ හඳුනාගැනීම සහ නිවැරදි කිරීමේ අරමුණින් මෙම පාලන පරික්‍ෂාව සිදුකරනු ලැබීය.