Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2024 18:38:26 Hours

22 පාබල සේනාංකයෙන් දහම් පාසල් සිසුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් බම්බලපිටිය, රාජා ජුවලර්ස් සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ අතුල එළියපුර මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 31) දින සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ අධ්‍යාපනය ලබන දහම් පාසලේ සිසුන් 250 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.