Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2024 21:37:15 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව එම රෙජිමේන්තුව වෙතින් ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් එප්පාවල, පහළ මාරගස්වැව, නොච්චියාගම ප්‍රදේශයේ වෙසෙන එම රෙජිමේන්තු සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 30) දින විවෘත කර නිවාසලාභියා වෙත භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූයේය.

11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම ලබාදුන්හ. නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.