2024-03-21 18:16:38
ගැමුණු හේවා බළකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.එම්. මනතුංග (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අද (මාර්තු මස 21) දින අලුයම අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ, නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට එතුමන් 59 වැනි වියේ පසුවිය.
2024-03-21 13:14:19
යුද්ධ හමුදාධිපතිතුන්ගේ උපදෙස් මත දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත සිසුසිසුවියන් අධ්‍යාපනය ලබන වෙල්ලස්ස, ‘සුභග්යා’ විද්‍යාලයීය පරිශ්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් එහි ආරක්ෂාව තර කිරීමේ අරමුණින් 121 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
2024-03-21 13:10:53
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බෝම්බ නිශ්ක්‍රිය බලඝණයේ උපදේශක කණ්ඩායමක් මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ භටපිරිස් වෙත බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාඨමාලාවක් පැවැත්වීම සඳහා පසුගිය බඳදා (මාර්තු මස 20) දින මාලදිවයින බලා පිටත්ව ගියහ.
2024-03-21 13:10:36
112 පාබල බලසේනාවේ භටපිරිස් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් විදුලිය නොමැති පවුල් වෙනුවෙන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි පහන් 5 බැගින් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 10 දින එම බලසේනා පරිශ්‍රයේදී පැවැත්වූහ.
2024-03-20 16:30:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් එම රෙජිමේන්තුවේ නිවාස අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ ඔහුගේ පවුල වෙත ඉදිකර දුන් නව නිවස පසුගිය ඉරිදා (මාර්තු මස 17) දින පැවති උත්සවයකදී පවරා දෙන ලදී.
2024-03-20 16:24:14
පනාගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මාර්තු මස 11 දින සහ 13 යන දිනයන්හිදී පැවැති අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්‍රිකට් කණ්ඩායම් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ.
2024-03-20 16:19:18
53 පාබල සේනාංකයේ ප්‍රධාන දොරටුව අසල වගාකර ඇති සඳුන් වගාව වැඩි දියුණු කිරීමේ ඇමුණින් 53 පාබල සේනාංකයේ භටපිරිස්, ‘හිරුජය ප්ලාන්ටේෂන්’ පුද්ගලික සමාගම (Hirujaya Plantations Pvt Ltd ) සමඟ එක්ව 2024 මාර්තු මස 11 දින පොහොර යෙදීමේ ව්‍යාපෘතියක් අරඹන ලදී.
2024-03-20 16:16:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී, 2024 මාර්තු මස 15 දින මින්නේරිය 7 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
2024-03-19 18:07:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශූරතාවලිය මෙවරත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත සාලියපුර ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේ දී පසුගිය සඳුදා (මාර්තු මස 11) දින පවත්වනු ලැබීය.
2024-03-19 17:53:24
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්යක්ෂ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ එම අධ්යක්ෂ මණ්ඩලයේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 16 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමුන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් පවත්වන ලදී.