Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2024 18:16:38 Hours

ගැමුණු හේවා බලකායේ ප්‍රවීණයෙකු වන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.එම්. මනතුංග (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වෙයි

ගැමුණු හේවා බළකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.එම්. මනතුංග (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අද (මාර්තු මස 21) දින අලුයම අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ, නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට එතුමන් 59 වැනි වියේ පසුවිය.

එතුමන්ගේ දේහය තලංගම, මහින්ද පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර සහිතව ලබන ඉරිදා (මාර්තු මස 24) දින බොරැල්ල පොදු සුසාන භූමියේ නව ආදාහනාගාරයේදී සවස 5.30 ට සිදු කෙරේ.