Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2024 16:19:18 Hours

53 පාබල සේනාංකය, රතු හඳුන් වගාව සඳහා පොහොර යෙදීමේ ව්‍යාපෘතියක් අරඹයි

53 පාබල සේනාංකයේ ප්‍රධාන දොරටුව අසල වගාකර ඇති සඳුන් වගාව වැඩි දියුණු කිරීමේ ඇමුණින් 53 පාබල සේනාංකයේ භටපිරිස්, ‘හිරුජය ප්ලාන්ටේෂන්’ පුද්ගලික සමාගම (Hirujaya Plantations Pvt Ltd ) සමඟ එක්ව 2024 මාර්තු මස 11 දින පොහොර යෙදීමේ ව්‍යාපෘතියක් අරඹන ලදී.

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත ව්‍යාපෘතිය සංවිධානය කරන ලද අතර, එහිදී එම සමාගමේ නිලධාරීන් විසින් භටපිරිස් වෙත රතු හඳුන් වගාව සඳහා පොහොර යෙදීම සහ කෘෂි ඖෂධ පිළිබඳ තාක්‍ෂණික දැනුම ලබා දෙන ලදී.

එහිදී, එම සමාගමේ නිලධාරීන් විසින් හඳුන් පැල සඳහා අවශ්‍ය පොහොර නොමිලේ ලබාදුන් අතර, ඔවුන් විසින් ඉදිරියේදී නොමිලේ පැළ සහ තාක්‍ෂණික සහාය ලබාදීමටද එකඟ වූහ.

මෙම සඳුන් වගාව ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විශාලතම රතු හඳුන් වගාව ලෙස සැලකේ.