Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2024 16:24:14 Hours

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ ජය කාලතුවක්කු හමුදාවට සහ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායට

පනාගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මාර්තු මස 11 දින සහ 13 යන දිනයන්හිදී පැවැති අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්‍රිකට් කණ්ඩායම් සිය දක්‍ෂතා ප්‍රදර්ශනය කළහ.

මෙම තරඟය සඳහා රෙජිමේන්තු 10ක් තරඟවැදුණු අතර, ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවද අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායද හිමිකර ගත් අතර, ‘බී’ කාණ්ඩයේ ශූරතාවය සඳහා කණ්ඩායම් 14ක් තරඟ වැදුණු අතර, එහිදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය හිමිකර ගත්තේය.

ජයග්‍රාහකයින් පහත පරිදිවේ:

‘ඒ’ කාණ්ඩය

ශූරතාවය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

අනුශූරතාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

හොඳම පිතිකරු - ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ජේ.එස්. රාජපක්‍ෂ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලක‍ාය)

හොඳම පන්දු යවන්නා - පාබල සෙබල කේ.ඩී.ප්‍රේමතිලක (ශ්‍රී ලංකා පාබල හමුදාව)

අවසන් තරඟයේ වීරයා - තුවක්කු සෙබල එච්.ඩී.ආර්. සොයිසා (ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව)

තරඟාවලියේ වීරයා - ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ජේ.එස්. රාජපක්‍ෂ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

‘බී’ කාණ්ඩය

ශූරතාවය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව

අනුශූරතාව - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

හොඳම පිතිකරු - කෝප්‍රල් පී.ජී.එල්.පී. විජේරත්න (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)

හොඳම පන්දු යවන්නා - සංඥා සෙබල ඩබ්ලිව්.ඒ.ඩී. හසන්ත (ශ්‍රී ලංකා සංඥා බලකාය)

අවසන් තරඟයේ වීරයා - කාර්මික සෙබල එන්.ජී.පී.කේ. ඥානරත්න (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

තරඟාවලියේ වීරයා - කෝප්‍රල් පී.ජී.එල්.පී. විජේරත්න (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)