2024-07-19 18:37:54
57 පාබල සේනාංකයේ 17 සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 ජූලි මස 17 දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-07-19 18:22:47
75 යුද්ධ හමුදා දිනයට සමගාමීව 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් ලක්ෂපාන ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකර දෙන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා වන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි මහ සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව නිවාසය හිමි ප්‍රතිලාභියා වෙත 2024 ජූලි මස 16 දින පවරා දෙන ලදී.
2024-07-19 18:22:45
75 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුන්ගේ මඟපෙන් වීම යටතේ එම බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 18 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී
2024-07-19 18:22:44
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ කටයුතු කර නික්ම යනු ලබන මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජි වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් 2024 ජූලි මස 12 දින එම සේනාංක මූලස්ථානයේ පැවැත්විනි.
2024-07-19 18:10:50
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සිසුන් 59 දෙනෙකු සඳහා 2024 ජූලි මස 18 දින කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ දී එක්දින වැඩමුළුවක් පවත්වන ලදී. එම විද්‍යාලයේ විදුහල්පතිගේ ඉල්ලීම පරිදි වැඩමුළුව සංවිධානය කරන ලද අතර, මෙම වැඩමුළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් මෙහෙයවන ලදී.
2024-07-19 18:06:47
වව්නියාවේ දමිළ වැසියන්ගේ කෘෂිකර්මයට හොද අස්වැන්නක් ලබා දීම සඳහා සූර්යාට සහ ඉන්ද්‍ර දෙවියන් වෙත උපහාරයක් වශයෙන් වාර්ෂීකව පවත්වන උත්සවය සමරනු ලැබීය. 2024 ජූලි 13, 14, සහ 15 යන දිනවල අරසර්පති ශ්‍රී කන්නකායි අම්මාන් රන් කෝවිලේදී පවත්වන ලද පූජාවට 56 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගි විය.
2024-07-19 06:49:26
භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ විසින් 2024 ජූලි මස 10 දින කරන්දෙණියේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2024-07-19 06:44:29
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රුද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 ජූලි මස 13 දින දියතලාව යුද්ධ හමුදා රෝහලේ සංචාරයක නිරත විය.
2024-07-18 22:30:55
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මගපෙන්වීම යටතේ මව්බිම වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ජේ.ඒ.පී. රණසිංහගේ දියණිය වන ජේ.පී. නයෝමි දේදුනු මහත්මිය වෙත 2024 ජූලි මස 14 දින කහගොල්ල බලඇණි පුහුණු පාසලේදී ශිෂ්‍යත්වයක් ප්රදානය කරන ලදී.
2024-07-18 21:50:55
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ අංගයක් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී උපදෙස් පරිදි අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 ජූලි මස 16 දින මුහමලේ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් පවරා දෙන ලදී. මෙම ව්‍යාපෘතියට පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වය ලැබිණි.