Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2024 06:44:29 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම දියතලාව යුද්ධ හමුදා රෝහලේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රුද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 ජූලි මස 13 දින දියතලාව යුද්ධ හමුදා රෝහලේ සංචාරයක නිරත විය.

රෝහල වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම රෝහල් කාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, එතුමන් රෝහලේ සියලු නිලයන් ඇමතීය. දේශනයෙන් අනතුරුව, ආඥාපතිතුමන් රෝහල් පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් රෝහල් කාර්ය මණ්ඩලය වෙත රෝහලේ කටයුතු නිසි අයුරින් සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.