19th July 2024 18:22:47 Hours
75 යුද්ධ හමුදා දිනයට සමගාමීව 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ලක්‍ෂපාන ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකර දෙන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා වන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි මහ සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව නිවාසය හිමි ප්‍රතිලාභියා වෙත 2024 ජූලි මස 16 දින පවරා දෙන ලදී.
මෙම ව්‍යාපෘතිය 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිළධාරීගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.