2018-06-01 15:25:17
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මුලස්ථානයේ සැරයන් මේජර් ලෙස සේවයේ නියුතුව සිට සිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමට නියමිත 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවට අයත් බලලත් නිලධාරි 1 ඩබ්ලිව්.ජී.පී කරුණාතිලක හට සම්මාන ආචාර පෙළපාලියක් එම සේනාංක මුලස්ථානයේදී පිරිනමන ලදී.
2018-06-01 15:20:17
ගැමුණු හේවා බලඇණියේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ උපදෙස් මත කුරුවිට, ගැමුණු හේවා බලඇණියේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් මැයි මස 18 වන දින පවත්වන ලදී.
2018-06-01 15:14:58
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල පෝලෝ ශුරතාවලිය - 2018 අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය බ්‍රහස්පතින්දා (31) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද පිහිණුම් තටාකයේ දී පවත්වන ලදි.
2018-06-01 14:29:48
අනුරාධපුර, කලත්තෑව පිහිටි 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති නවතමයෙන් ඉදිකරන ලද බුදු මැඳුර පසුගිය දා ආගමික වතාවත් මධ්‍යයේ නව සන්නද්ධ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.එස්. සිල්වා ගේ සුරතින් විවෘත කරනු ලැබීය.
2018-05-31 18:22:06
වව්නියාව, 61 වන සේනාංකයේ 10 වන සංවත්සරයට සමඟාමීව සංවිධානය කරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස වව්නියාව, වෙප්පන්කුලම් හි අන්පකම් හින්දු ළමා නිවාසයේ වෙසෙන දරු දැරියන් වෙනුවෙන් සෙනසුරාදා (26) දින අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදෙනු ලැබීය.
2018-05-31 18:20:53
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශේකර් මිෂ්රා (Lieutenant Colonel Ravi Shekher Mishra) බ්‍රහස්පතින්දා (31) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය. කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි......
2018-05-31 18:17:21
පාන්ගොල්ල පිහිටි ‘අභිමංසල - 3’ සුවසහන මධ්‍යස්ථානයේ 4 වන සංවත්සරය සමරමින් ආශිර්වාද පතා සිකුරාදා (25) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහිලා මහා දානමය පුණ්‍යකර්මයක් සිදුකරන ලදි. සුවසහන මධ්‍යස්ථානයේ සේනාවිධායකගේ උපදෙස් පරිදි වාර්ෂිකව සංවිධානය......
2018-05-30 17:29:51
යුද්ධ හමුදා භට පිරිස් තුල පවතින නව නිපැයුම් කුසලතා විදහා දැක්විම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානයකල නව නිපැයුම් ප්‍රදර්ශනය සඳුදා (28) දින කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. මෙම නව නිපැයුම් ප්‍රදර්ශනයේ විනිශ්චය මණ්ඩලය ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය....
2018-05-30 16:40:51
කලාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිය දෙවන සංවත්සරය නිමිත්තෙන් අඟහරුවාදා (29) දින ආර්ථික අපහසුතා සහිත සාලියවැව ප්‍රදේශයේ සිසුන් 25 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය. යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වසන්ත කුමරප්පෙරුම....
2018-05-30 16:00:51
රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර්වරුන් ‘පුද්ගලික සබඳතා කළමණාකරනය’ මෙන්ම ‘රාජකාරි සහ වගකීම්’ පිළිබඳ දැනුම වර්ධනය කිරීම සඳහා වැඩමුළුවක් මැයි මස 23 සිට 25 දක්වා වැලිකන්ද පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.