Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2018 15:20:17 Hours

ගැමුණු හේවා බලඇණිය මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කරයි

ගැමුණු හේවා බලඇණියේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ උපදෙස් මත කුරුවිට, ගැමුණු හේවා බලඇණියේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් මැයි මස 18 වන දින පවත්වන ලදී.

රෙජිමේන්තු අධිපතිතුමන් සහ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සඳහා සහභාගිවීම මහත් ශක්තියක් විය. එහිදී ප්‍රථමයෙන්ම ජාතික ධජය සහ යුද්ධ හමුදා ධජය ඔසවන ලද අතර ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරිමෙන් අනතුරුව රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ද පවත්වනු ලැබීය.

ඉන් අනතුරුව රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ පණිවුඩය කියවූ අතර, දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් ආගමික වතාවත් සිදු කිරීමට ප්‍රථම රෙජිමේන්තු අධිපතිතුමන් භට පිරිස් අමතමින් රණවිරුවන්ගේ වීරක්‍රියා නැවත සිහිපත් කරමින් සිය ආචාරය ද පුදකළහ.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත රණවිරු ස්මාරකය වෙත මල් කළඹ තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වූහ. මෙම රණවිරු සැමරුම් උත්සවය සඳහා නිලධාරින් 30 දෙනෙකු හා සෙසුනිලයින් 350 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

Asics shoes | Nike Air Max 270