Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2018 16:40:51 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දෙවන සංවත්සරය වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමක්

කලාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිය දෙවන සංවත්සරය නිමිත්තෙන් අඟහරුවාදා (29) දින ආර්ථික අපහසුතා සහිත සාලියවැව ප්‍රදේශයේ සිසුන් 25 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වසන්ත කුමරප්පෙරුම විසින් ඔහුගේ විදේශීය මිත්‍රයින්ගේ අනුග්‍රහය ඇතිව මෙම පාසල් උපකරණ බෙදාදෙන ලදි.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වසන්ත කුමරප්පෙරුම, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ශශික පෙරේරා, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ දෙමාපියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Best Authentic Sneakers | Nike Releases, Launch Links & Raffles