2018-06-15 18:54:46
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු අක්ෂි සායන වැඩසටහනක් යාපනය, පලාලි මූලික රෝහල් පරිශ්‍රයේ දී ඉරිදා (10) දින පැවැති අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව එඩේරමුල්ල සිංහ සමාජය විසින් එහිදි ඇස් කණ්නාඩි බෙදාදෙනු ලැබීය.
2018-06-15 12:58:56
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන නව අධ්යක්ෂ ජෙනරාල් පාබල ලෙස සිකුරාදා (15) දින කොළඹ 4 පිහිටි අධ්යක්ෂ ජෙනරාල් පාබල කාර්යාලයේ දී රාජකාරි භාරගනු ලැබීය. එහිදි නව අධ්යක්ෂ ජෙනරාල් සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා......
2018-06-15 12:41:59
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් අඟහරුවාදා (12) දින වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙත පාසැල් උපකරණ තොගයක් බෙදාදීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය.
2018-06-14 19:48:08
නියං සහිත කාලගුණික තත්වය හේතුවෙන් කෝමාරි, සෙල්වපුරම් සහ පොතුවිල් යන ප්‍රදේශයන් හී පීඩා විදින පවුල් 500 කට වැඩි පිරිසක් සඳහා පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් 2018 මැයි මාසයේ සිට .....
2018-06-14 12:25:41
තෝනිගල විහාරස්ථානයේ ඥාණවාස දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා රු.50,000/= ක පමණ වටිනාකමින් යුතු පාසල් ලිපිද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය විසින් ඉරිදා (10)...
2018-06-14 11:48:08
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 653 වන බලසේනාවට අයත් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් සඳුදා (11) දින කිලිනොච්චි, ආනන්දපුරම් හි පිහිටි අම්බල්පුරම් දමිළ විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සිය සහයෝගය දක්වන ලදි.
2018-06-13 20:15:26
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සිදුකරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස හා අඹේගොඩ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත සහයෝගය දක්වමින් දියතලාව, අඹේගොඩ ග්‍රාම නිලධාරි වසමට අයත් මලපුඩුකපොල්ල වැව පිරිසිදු කරන ලදී.
2018-06-13 13:22:22
බදුල්ල දිස්ත්‍රික්කයේ දිවිතොටවෙල ප්‍රදේශයේ අඟහරුවාදා (12) දින පස්වරුවේ හදිසියේ ඇතිවු ලැව්ගින්න පිළිබඳව සැලවීමත් සමගම මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් එම ස්ථානයට ළඟාවී යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
2018-06-13 12:22:22
ලෝක පරිසර දිනයට සමඟාමීව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 144 වන බලසේනාවේ භට පිරිස් විසින් සිකුරාදා (8) දින බොරැල්ල, ගෝතමී විහාරයේ පවත්වන ලද ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා සහාය දක්වන ලදී.
2018-06-13 12:04:30
ජගත් පරිසර දිනයට සමඟාමීව මුලතිව් ආරක්ෂනක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනාවේ භට පිරිස් විසින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් පරිදි හා 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ අධීක්ෂණය යටතේ මුලතිව්, කෝකිලායි සිට චෙම්මාලයි දක්වා වු වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.