Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2018 12:58:56 Hours

මේජර් ජෙනරාල් කැප්පෙටිවලාන නව අධ්‍යක්ෂ ජෙනරාල් පාබල ලෙස රාජකාරි භාරගනියි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන නව අධ්‍යක්ෂ ජෙනරාල් පාබල ලෙස සිකුරාදා (15) දින කොළඹ 4 පිහිටි අධ්‍යක්ෂ ජෙනරාල් පාබල කාර්යාලයේ දී රාජකාරි භාරගනු ලැබීය.

එහිදි නව අධ්‍යක්ෂ ජෙනරාල් සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබූ අතර, අධ්‍යක්ෂ පාබල බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන, එම කාර්යාලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

අධ්‍යක්ෂ ජෙනරාල් පාබල ලෙස කටයුතු කළ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ නුඳුරේ දී විශ්‍රාම යෑමට නියමිත බැවින් එම තනතුර සඳහා 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කැප්පෙටිවලාන පත් කරනු ලැබීය.

Nike Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf