Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2018 11:48:08 Hours

අම්බල්පුරම් දමිළ විද්‍යාලය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 653 වන බලසේනාවට අයත් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් සඳුදා (11) දින කිලිනොච්චි, ආනන්දපුරම් හි පිහිටි අම්බල්පුරම් දමිළ විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සිය සහයෝගය දක්වන ලදි.

මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරීස් ගේ සහ 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොබින් ජයසුරිය ගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි.

පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 30 කට ආසන්න භට පිරිසක් ස්වේච්ඡාවෙන්ම මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා සහභාගි වූහ.

affiliate link trace | Releases Nike Shoes