Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2018 13:22:22 Hours

දිවිතොටවෙල හටගත් ලැව් ගින්න මැඩපවත්වයි

බදුල්ල දිස්ත්‍රික්කයේ දිවිතොටවෙල ප්‍රදේශයේ අඟහරුවාදා (12) දින පස්වරුවේ හදිසියේ ඇතිවු ලැව්ගින්න පිළිබඳව සැලවීමත් සමගම මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් එම ස්ථානයට ළඟාවී යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ගේ උපදෙස් මත එම භට පිරිස් ප්‍රදේශවාසීන් හා එක්ව ඇතිවු හදිසි තත්වය පාලනය කිරිමටත්, ඇතිවු ලැව්ගින්න මැඩපැවැත්වීමටත් කටයුතු කරන ලදි.

නිලධාරි 01 ක් සහ සෙසුනිලයින් 15 දෙනෙකු ගෙන් සමන්විත භට පිරිසක් පැය කිහිපයක් ඇතුළත දී ගින්න ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා දායක වු අතර මෙම ගින්න ඇතිවීමට හේතුව තවම නිශ්චිතවම අනාවරණය වී නොමැත.

Running Sneakers | Men’s shoes