2021-06-08 15:41:26
වර්ෂ 2021 ක් වූ ජුනි මස 07 දින සිට 09 දක්වා රටවල් 65 කට අධික නියෝජනයක් සහිත ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ වාර්ෂික සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ කොව්ඞ් 19 වසංගතය කළමනාකරණය කිරීම, ජීවිතාරක්ෂාව, ජීවනෝපාය හා ආර්ථීක වර්ධනය පිළිබදව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් විසින් කාලීන වශයෙන් වැදගත් දේශණයක් සැසිවාරය අමතා පවත්වන ලදී.
2021-06-07 20:34:37
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති යුරී බී මැට්රේ (Yury B. Materiy) මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සඳුදා (07) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවූයේය.
2021-06-03 13:53:09
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී (David Holly) බ්‍රහස්පතින්දා (03) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය. මෙම හමුවේදී, පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලබන කැපවීම අගයකරමින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සෞඛ්‍ය අංශයේ නිලධාරින්ගේ ප්‍රයෝජනය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
2021-05-27 17:00:04
යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයින පුරා පිහිටි කොවිඩ්-19 එන්නත්කරණ මධ්‍යස්ථානවල රාජකාරින් සඳහා යෙදවු අතර, ඔවුන් ගාල්ල, මාතර, මාතලේ, කුරුණෑගල සහ අනුරාධපුරය මෙන්ම උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත්වල පිහිටි එම එන්නතකරණ මධ්‍යස්ථානවලට ගොස් එම ක්‍රියාදාමය සඳහා සම්බන්ධවී ඇත. අතිගරු ජනාධිපතිතුමා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහකොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබදුන් උපදෙස් අනුව මෙම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එ් අනුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින උදෑසනඇල්පිටිය සහ හබරාදූව එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත සංචාරයක නිරත වෙමින් එන්නත්කරණ වැඩපිළිවෙල නිරීක්ෂණය කළේය.
2021-05-26 04:06:18
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් විසින්, අපගේ සියලුම පාඨකයින් සහ සියලුම ලෝකවාසී ජනතාව වෙත දුක් වේදනාවෙන් තොර සාමයෙන් පිරි සෞඛ්‍ය සම්පන්න හා නිරෝගීමත් සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි !
2021-05-25 11:59:38
මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින් වන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය එච්.එස්.ආර් පෙරේරා මහත්මිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය චිත්‍රාමලි ද සිල්වා මහත්මිය, ළමා දෛව්‍ය විශේෂඥයින් වන වෛද්‍ය මහාචාර්ය සමන්ත රජින්ද්‍රජිත් මහතා, වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සනත් ලැන්රෝල් මහතා ඇතුලු පිරිස ඉකුත් සදුදා (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදි යුද්ධ හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛරසය ආසාදිත මාතෘ හා ළමා රෝගීන් සඳහා ඇති පහසුකම් පිළිබඳ කරුණු සාකච්ඡා කළේය.
2021-05-19 20:48:05
රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් සහ වීරත්වය සිහිපත් කිරීමේ 12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය පසුගිය බදාදා (19) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණ.
2021-05-19 10:57:57
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ දායකත්වයෙන් සීදූවේ ස්ථාපනය කරන ලද ඇඳන් 1200 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18) දින සන්ධ්‍යාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් නිරීක්ෂනය කරන ලදී.
2021-05-17 18:51:04
යුද්ධ හමුදාව විසින් ස්ථාපනය කරන ලද සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද (17) දින පෙරවරුවේ අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ (Upfield Sri Lanka Pvt Ltd) කළමනාකාරිත්වය විසින් නව දැඩි සත්කාර ඒකක ඇඳන් 10 ක් පරිත්‍යාග කරන ලදී.
2021-05-12 23:25:20
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන් පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා බදාදා (12) දින පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පහසුකම් සපයනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත පැමිණියේය.