Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2021 17:00:04 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි  යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙහෙයවනු ලබන දක්ෂිණ එන්නත්කරණ මධ්‍යස්ථානවල සංචාරයක

යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයින පුරා පිහිටි කොවිඩ්-19 එන්නත්කරණ මධ්‍යස්ථානවල රාජකාරින් සඳහා යෙදවු අතර, ඔවුන් ගාල්ල, මාතර, මාතලේ, කුරුණෑගල සහ අනුරාධපුරය මෙන්ම උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත්වල පිහිටි එම එන්නතකරණ මධ්‍යස්ථානවලට ගොස් එම ක්‍රියාදාමය සඳහා සම්බන්ධවී ඇත. අතිගරු ජනාධිපතිතුමා විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහකොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබදුන් උපදෙස් අනුව මෙම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එ් අනුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින උදෑසනඇල්පිටිය සහ හබරාදූව එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත සංචාරයක නිරත වෙමින් එන්නත්කරණ වැඩපිළිවෙල නිරීක්‍ෂණය කළේය.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සහ මෙම සංචාරයට එක්වූ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ ඇතුළු ජ්‍යේෂඨ නිලධාරීන් කිහිප දෙනෙකු එන්නත්කරණ මධ්‍යස්ථානයන්හී සේවය කරන සෞඛ්‍ය සේවා කාර්යය මණ්ඩලය හා යුද්ධ හමුදා නිලධාරින් සමඟ එහි වත්මන් තත්ත්වය පිළිබද පිළිසඳරක නිරතවූයේය. තවද එතුමන් සිවිල් වැසියන් සමග සුහද පිළිසදරක නිරතව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් හා සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රම වේදයන් පිළිබද කරුණු විමසන ලදී. එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ චීන රජය විසින් ලබාදුන් එන්නත් ලක්‍ෂ පහක්ජනාධිපතිතුමන්ගේ සහ වසංගත රෝග විශේෂඥයින් මෙන්ම වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කුරුණෑගල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක්වලට ප්‍රමුඛත්වයක් එන්නත්කරණය සිදුකරන බවයි.

ඒ අනුව, යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරීන් සහ භටපිරිස් එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ,හබරාදූව, කටුකුරුන්ද ධාර්මිකා විද්‍යාලය, ඉඹුල්ගොඩ ශ්‍රී ධර්මෝදයාරාම විහාරය, රත්ගම, බටුවන්හේන ශ්‍රී සුදර්මාරාමය, ඇල්පිටිය,මාතර ශ්‍රී සුදර්ශණාරාමය,මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය කුරුණෑගල,පන්නල සහ කුලියාපිටිය, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේදී මෙම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

තවද, රජයේ එන්නත්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ විගසසෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම පරිදි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ගේ උපදෙස් මතයුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් එක්වමීට සතිකිහිපයකට පෙරකෝට්ටේ, බත්තරමුල්ල,මොරටුව, වැල්ලවත්ත, දෙමටගොඩ, මෝදරහි ජංගම එන්නත් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. තවද,කොට්ටාව, කොළඹ, පිලියන්දල සහ ගොරකපිටිය යන ප්‍රදේශවල සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පාලනය කරනු ලබන සෞඛව වෛද්‍ය නිලධාරී කාර්යාල සහ වෙනත් එන්නත් මධ්‍යස්ථානවලද යුද්ධ හමුදාව එන්නත්කරණ වැඩසටහන් සඳහා සක්‍රීයව දායක වූහ.