2024-03-20 16:19:18
53 පාබල සේනාංකයේ ප්‍රධාන දොරටුව අසල වගාකර ඇති සඳුන් වගාව වැඩි දියුණු කිරීමේ ඇමුණින් 53 පාබල සේනාංකයේ භටපිරිස්, ‘හිරුජය ප්ලාන්ටේෂන්’ පුද්ගලික සමාගම (Hirujaya Plantations Pvt Ltd ) සමඟ එක්ව 2024 මාර්තු මස 11 දින පොහොර යෙදීමේ ව්‍යාපෘතියක් අරඹන ලදී.
2024-03-20 16:16:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී, 2024 මාර්තු මස 15 දින මින්නේරිය 7 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
2024-03-19 18:07:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශූරතාවලිය මෙවරත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත සාලියපුර ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේ දී පසුගිය සඳුදා (මාර්තු මස 11) දින පවත්වනු ලැබීය.
2024-03-19 17:53:24
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්යක්ෂ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ එම අධ්යක්ෂ මණ්ඩලයේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 16 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමුන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් පවත්වන ලදී.
2024-03-19 17:49:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින කටුනායක පිහිටි 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-03-19 17:44:28
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී, 2024 මාර්තු මස 16 දින එම සේනාංකයේ යටතේ ස්ථාපිත 641 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිල සංචාරයක නිරත විය.
2024-03-19 17:38:25
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ භටපිරිස් විසින් එම පුහුණු පාසලේ සේවය කරන සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 54 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 15 දින සංවිධානය කරන ලදී.
2024-03-19 17:35:12
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, 11 වන සංවත්සර දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස්හි සහභාගීත්වයෙන් පසුගියදා පවත්වනු ලැබීය.
2024-03-18 16:16:05
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත, එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින යෞවන කුමාරපුර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙෙළන පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 54 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-03-18 16:15:15
අධ්යක්ෂ තොරතුරු තාක්ෂණ බ්‍රිගේඩියර් එච්.ඩී.ජේ.පී වීරතුංග ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය 14 වන සංවත්සරය පසුගිය සිකුරාදා (මාර්තු මස 01) දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.