Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2024 16:16:03 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 7 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී, 2024 මාර්තු මස 15 දින මින්නේරිය 7 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී එම ඒකකයේ භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී වෙත ඒකක අණදෙන නිළධාරී සහ අනෙකුත් නිලධාරීන් විසින් ඒකකයේ කාර්යභාරය සහ වගකීම්, ආයතනික ව්‍යුහය, භටපිරිස්, පුහුණුව, පරිපාලනය සහ භටකාර්ය සම්පාදනය පිළිබඳව දැනුවත් කළ අතර, අනතුරුව එතුමන් භටපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් භටපිරිස් සමඟ සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.

එතුමන් අනතුරුව, 163 යාන්ත්‍රික වෑද්දුම් බලඝණය ඇතුළු ඒකකයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගි වූහ.