Header

Sri Lanka Army

Defender of the Nation

19th March 2024 17:53:24 Hours

රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමුන් වෙනුවෙන් සංගීත වැඩසටහනක්

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 16 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමුන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් පවත්වන ලදී.

එම විද්‍යාලයීය දරුවන්ගේ මානසික සුවය වැඩි දියුණු කිරීමේ අරමුණින් පවත්වන ලද වැඩසටහනේදී ඔවුන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදුන් අතර, දරු දැරියන් විසින් එහිදී වර්ණවත් නර්තන අංගයක් ද ඉදිරිපත් කරන ලදී. උත්සව කටයුතු අවසානයේදී එම දරු දැරියන් වෙත ත්‍යාග ප්‍රදානය කරනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.