Header

Sri Lanka Army

Defender of the Nation

19th March 2024 17:38:25 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ භටපිරිස් විසින් එම පුහුණු පාසලේ සේවය කරන සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 54 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 15 දින සංවිධානය කරන ලදී.

කොළඹ, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මිත්‍ර සංගමයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය මිත්‍ර සංගමයේ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.

මෙම පුණ්‍ය කටයුත්ත මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ටී.පී ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.