මුල් පුවත්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ප්‍රමුඛ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියළු ලෝකවාසීන් වෙත සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි අසිරිමත් නත්තලක් වෙනුවෙන් සුබපැතුම්.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 100 වැනි විසිර යාමේ පෙළපාලිය 2025 දෙසැම්බර් මස 21 දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්වූ අතර, එහිදී කෙඩෙට් නිලධාරීන් 240 දෙනෙකු විසිර ගියහ. එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ආරාධනයකට අනුව, සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.


කෙඩෙට් නිලධාරි අංක - 93, අංක - 94බී, කෙටිකාලීන පාඨමාලා අංක - 23, කාන්තා 20, (ස්වේච්ඡා) අංක - 62 සහ කාන්තා (ස්වේච්ඡා) අංක -19 යන පාඨමාලාවන් හදාරන ලද කෙඩෙට් නිලධාරින්ගේ සිය අධ්‍යයන සහ යුද පුහුණු කාලසීමාවේ නිමාව සනිටුහන් කරමින්, ඔවුන්ගේ අවසන් පර්යේෂණ ඉදිරිපත් කිරීම 2025 දෙසැම්බර් මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී පවත්වන ලදී.


ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 19 හි උපාධි ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 16 දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එම උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ද සහභාගි විය.


පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්බන්ධීකරණ සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 29 වන දින රාත්‍රීයේදී යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


81 වන සන්නද්ධ හමුදා සැමරුම් දිනය සහ පොපි මල් සැමරුම් උත්සවය 2025 නොවැම්බර් මස 16 දින කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි Cenotaph හමුදා ස්මාරකය අභියසදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාව එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය පළමු ලෝක යුද්ධයේ සිට අද දක්වා රට වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ උත්තරීතර පරිත්‍යාගයන් සිහිපත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.


ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ආරාධනාව මත ‘යුද්ධ හමුදාධිපති දේශනය’ “ජාතික ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාරය” යන තේමාව යටතේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 නොවැම්බර් මස 05 දින පවත්වන ලදී.


එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා හමුදා දායකත්වය ලබාදෙන රටවල ප්‍රධානීන්ගේ සමුළුව - 2025 ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 2025 ඔක්තෝබර් මස 14 දින සිට 16 දින දක්වා ඉන්දීය හමුදාව විසින් පවත්වන ලදී. මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), පසුගියදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන පතොරම් සහ යුධෝපකරණ ගබඩා පහසුකම්වල ඔක්තෝබර් 11 සහ 12 යන දෙදින නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) 2025 ඔක්තෝබර් මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. 76 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික හමුදා උත්තමාචාරයක් ද පිරිනමනු ලැබීය.