අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ජේ.එෆ්. හලංගොඩ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත උපහාර කිරීමේ පිණිස සංවිධානය කරන ලද සමාරම්භක අනුස්මරණ දේශනය, 2026 පෙබරවාරි මස 21 දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ජාතියේ ආරක්ෂකයා
අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ජේ.එෆ්. හලංගොඩ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත උපහාර කිරීමේ පිණිස සංවිධානය කරන ලද සමාරම්භක අනුස්මරණ දේශනය, 2026 පෙබරවාරි මස 21 දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ශුද්ධ වූ රාමදාන් මාසයේ ප්‍රීතිමත් උත්සව දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඇතුළු යුද්ධ හමුදාවේ සියලුම නිලයන්, ඔබ සැම වෙත සුබපැතුම් එක්කරයි.
"ගොඩනඟමු ශ්‍රී ලංකා" යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය 2026 පෙබරවාරි මස 04 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් ලෙස සැමරිණි. සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය පහතින් දැක්වේ:
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟාවලියක් වන Lanka Ride 2026 තරඟාවලිය2026 ජනවාරි මස 18 වන දින අවසන් විය.
13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. යුද්ධ හමුදාව විසින් සත්කාරකත්වය දරන ලද මෙම තරඟාවලිය 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ වූ අතර, වසර දෙකක කාලයක් පුරා පැවැත්වුණු මෙම තරඟාවලිය ක්‍රීඩා ඉසව් 39 කින් සමන්විත විය.
ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි සහ එතුමන්ගේ භාර්යාව වන සුනීතා ද්විවේදි මහත්මිය 2026 ජනවාරි මස 06 වන දින ආරම්භ කරනු ලැබූ මෙරට නිල සංචාරය අවසන් කරනු ලැබීය. මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනු ලැබීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි සහ එතුමන්ගේ භාර්යාව වන සුනීතා ද්විවේදි මහත්මිය 2026 ජනවාරි මස 08 වන දින යුද විද්‍යාලයේ නිල සංචාරයක නිරත විය.
ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු ත්‍රිපුද්ගල දූත පිරිසක් 2026 ජනවාරි මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
2026-01-07
ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීයානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල සංචාරයක් සඳහා 2026 ජනවාරි මස 06 දින සිය භාර්යාව සුනීතා ද්විවේදි මහත්මිය සමඟ දිවයිනට පැමිණියේය.