ඔබ සැමට සාමය සහ සෞභාග්‍යය පිරි සුබ රාමදාන් උත්සවයක් වේවා

ශුද්ධ වූ රාමදාන් මාසයේ ප්‍රීතිමත් උත්සව දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඇතුළු යුද්ධ හමුදාවේ සියලුම නිලයන්, ඔබ සැම වෙත සුබපැතුම් එක්කරයි.

මෙම පූජනීය මාසය ස්වයං විමර්ශනයට මඟ පෙන්වන, කරුණාව හා දයාව තවදුරටත් ශක්තිමත් කරන සහ සියලු ප්‍රජාවන් වෙත ඉමහත් ආශිර්වාද ගෙන එන කාලයක් වේවා, තවද මෙම ශුද්ධ වූ කාලසීමාව පුරාවටම ඔබ ඇතුළු ඔබේ ආදරණීයයන්ට සාමය, සමගිය සහ සෞභාග්‍යය උදාවේවායි පතමි.