before 2024
පසුගිය පුවත්
592 පාබල බලසේනාවේ භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
2023-05-03
ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 592 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (30) දින මුලතිව් දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රය තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
තව කියවන්න
582 වන පාබල බලසේනාවේ සහ 9 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්
2023-05-02
58 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 582 වන පාබල බලසේනාවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් මතුගම, වෑත්තෑව ග්‍රාමසේවා වසමේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කාන්තාවකගේ නිවසක අබලන්ව තිබූ වහලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මතුගම ප්‍රාදේශීය සභාව විසින් සපයන ලදී.
තව කියවන්න
අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක
2023-05-01
යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 27) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිපාලන හා සුබසාධන කටයුතු, ක්‍රියාකාරී අංශයන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු භටපිරිස් පිළිබඳ දැනුවත්වීමේ අරමුණින් එම මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූවේය.
තව කියවන්න
15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් මීගොඩ භාවනා මධ්‍යස්ථානය පිරිසිදු කරයි
2023-05-01
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 142 පාබල බලසේනාවට අයත් 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අප්‍රේල් 29 වන දින මීගොඩ භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
තව කියවන්න
යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ කොත තැන්පත් කෙරේ
2023-04-29
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (27) දින පැවැත්විණි.
තව කියවන්න
144 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ශ්‍රී ශාන්ති යෝගාශ්‍රම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක්
2023-04-28
අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගියදා කඩාවැටුණු බත්තරමුල්ල, අරුප්පිටිය ශ්‍රී ශාන්ති යෝගාශ්‍රම විහාරස්ථානයේ අඩි 60 ක් දිගැති අඩි 20 ක් උස රැඳවුම් බැම්මක එක් පැතිකඩක් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 144 පාබල බලසේනාවේ අධීක්‍ෂණය මත 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.
තව කියවන්න
‘අභිමංසල – 3’ සුවතා නිකේතනයේ 9 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ
2023-04-28
පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල – 3’ සුවතා නිකේතනයේ අභිමානවත් 9 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ කෙටි සැමරුම් උත්සවයක් පැවැත්විණි.
තව කියවන්න
‘අභිමංසල - 1’ සුවතා නිකේතන පරිශ්‍රයේදී සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වේ
2023-04-28
යුද්ධ හමුදා මූලස්ථානයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් 2023 අප්‍රේල් මස 18 දින අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතන පරිශ්‍රයේදී අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් විශේෂ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වූ අතර එහිදී, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ සන්ද්‍යාවේ සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.
තව කියවන්න
‘හමුදා පොලීසිය සහ එහි කාර්යභාරය’ පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරීන් දැනුවත් කෙරේ
2023-04-28
යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් අප්‍රේල් මස 26 දින ‘හමුදා පොලීසිය සහ එහි කාර්යභාරය’ තේමාව ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීය.
තව කියවන්න
යුද විරුවන් දෙපළකගේ භාර්යාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ගෞරවාදරයට
2023-04-27
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් නිර්භීත සහ දේශප්‍රේමීත්වයෙන් යුත් යුද්ධ හමුදා ප්‍රවීණයන් ලෙස ජාතියේ ප්‍රශංසාවට හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ භාර්යාව වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ භාර්යාව වන මානෙල් විමලරත්න මහත්මිය වෙත අද (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කරනු ලැබීය.
තව කියවන්න