2017-06-22 10:38:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) සමඟින් ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන (INGOs/NGOs) එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් අනතුරුව බිම් බෝම්බවලින් මුක්ත කලාපයක් ලෙස භාරදීම බදාදා (21) උදෑසන මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරනු ලැබීය.
2017-06-17 17:51:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සාර්ථකව පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙකු සෙනසුරාදා (17) දින පැවති වර්ණවත් පෙළපාලියකින් විසිර යන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා....
2017-06-15 17:18:03
ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ අමිල සේවය සහ වීරක්‍රියාවන් අගය කරමින් උපහාරයක් ලෙස ‘සංහිඳියාවයි - සංග්රාම ශක්තියයි’ යනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක් සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදාදා (14) දින සන්ධ්‍යාවේ කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්විය.
2017-06-14 16:02:04
සේවයෙන් විශ්‍රාමයාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක බදාදා (14) උදෑසනය යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනිල් සෝමවීර විසින් එහි පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.
2017-06-12 14:18:31
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයකට අනුව මෙරට සංචාරයක නිරත පකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා NI(M), සඳුදා (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණියහ.
2017-06-10 13:13:47
පොසොන් සැමරුමට සමගාමීව අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දී සිකුරාදා (09) දින පැවති බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශාවක වූ සැරියුත් සහ මුගලන් වහන්සේලාගේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2017-06-06 10:17:43
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සඳුදා (05) දින උදෑසන ගංවතුරින් විපතට පත් දකුණු පළාතේ මොරවක, අකුරුස්ස සහ මාතර යන ප්‍රදේශයන්හි සංචාරයක නිරත වෙමින් පශ්චාත් ආපදා සංවර්ධන කටයුතු මෙන්ම හදිසි සහන සේවාවන් පිළිබඳව නිරික්ෂණය කරනු ලැබීය.
2017-06-03 10:17:19
සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිකුරාදා (02) දින කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ මිළදි ගනු ලැබීය.
2017-06-01 14:40:15
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, 14 වන සේනාංකය, 58 වන සේනාංකය, 141 සහ 142 බලසේනාවන්, 581, 582 හා 583 බලසේනාවන්, පුහුණු මධ්‍යස්ථාන, නාවික සහ ගුවන් හමුදාවේ භට පිරිස් ගංවතුරෙන් විපතට පත් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි තවදුරටත් සහන මෙහෙයුම් කටයුතු වල නිරත වේ.
2017-05-30 20:28:02
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සඳුදා (29) දින රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක භට පිරිස් විසින් සිදු කරනු ලබන මාර්ග පිරිසිදු කිරිමේ කටයුතු පිළිබඳව අධික්ෂණය කරනු ලැබීය.