Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2017 20:28:02 Hours

යුද්ධ හමුදා භට පිරිස් විපතට පත් ප්‍රදේශයන්හි ප්‍රධාන මාර්ග පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත වේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් සඳුදා (29) දින රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක භට පිරිස් විසින් සිදු කරනු ලබන මාර්ග පිරිසිදු කිරිමේ කටයුතු පිළිබඳව අධික්ෂණය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් සිය සංචාරයේ දී කලවාන - අඟලවත්ත - රත්නපුර මාර්ගය, අයගම - ගවරගිරිය මාර්ගය සහ නිවිතිගල ප්‍රදේශයේ යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදු කරනු ලබන මාර්ග පිරිසතර කිරීමේ කටයුතු නිරික්ෂණය කළ අතර, විපතට පත් සිවිල් වැසියන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව ද සොයා බලන ලදී.

12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භට පිරිස් යුද්ධ හමුදා යන්ත්‍රෝපකරණ උපයෝගි කර ගනිමින් කලවාන - අඟලවත්ත - රත්නපුර ප්‍රධාන මාර්ගයේ අත්වැල්තොට ප්‍රදේශයේ අවහිරව තිබූ අඩි 500 ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කර ගමනාගමන කටයුතු නැවත යථාතත්වයට පත් කළ අතර, බදුවත්ත මංසන්ධියට සහ අම්බලන්පිටිය ගම්මානයට නුඳුරු ඇහැළියගොඩ - දෙහිඹ්විට මාර්ගය ද පැවති අවහිරතා ඉවත්කරමින් පිරිසිදු කරනු ලැබීය.

5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ සහ 583 බලසේනාවේ භට පිරිස් විසින් කඩා වැටුණු ගස්, ගල් සහ වෙනත් බාධක ඉවත් කරමින් පැය නවයක කාලයක් ඇණහිට තිබු අයගම - ගවරගිරිය මාර්ගයේ ගමනා ගමනය නැවත යථාතත්වයට පත් කිරිමට සමත් විය.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජය කරුණාරත්න, 583 වන බලසේනාවේ බලසේනාධිපති, 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ සහ 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද යුද්ධ හමුදාධිපති සමගින් මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.

Nike Sneakers | Nike Shoes