14th June 2017 16:02:04 Hours
සේවයෙන් විශ්‍රාමයාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක බදාදා (14) උදෑසනය යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනිල් සෝමවීර විසින් එහි පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.
ඉන් අනතුරුව, හමුදා ලේකම් කාර්යාලය වෙත පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
යුද්ධ හමුදාධිපතිතුමා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර පැවති මෙම සුහද හමුවේ දී රාජකාරීන් ඉටුකිරිමේ දී පැවති සුහදතාවය පිළිබඳව සිහිපත් කළ අතර, යුද්ධ හමුදාධිපතිතුමා විසින් එතුමාගේ සේවය අගය කරමින් සිය සුභපැතුම් ද එක්කළහ.
මෙම හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමා සහ නික්ම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබීමට ද එතුමන් අමතක නොකළහ.
Sports Shoes | Nike Off-White