2018-03-26 17:30:31
විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (24) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භුමි සටන් වල සටන්කාමිත්වය ඉතා ඉහලින් ප්‍රදර්ශණය කරමින් කීර්තියට පත් රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මහත් හරසරින් එතුමන් පිළිගන්නා ලදී.
2018-03-25 09:33:12
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය - 2018 සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand) හෝටලයේ දී අද (23) දින ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) සභාපති, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන.....
2018-03-21 00:12:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සහ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් මෙන්ම රණක්ෂිතයට පත් ආබාධිත ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන ‘වර්ණ රාත්‍රිය’ අඟහරුවාදා (20) සන්ධ්‍යාවේ දී කොළඹ, බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
2018-03-19 14:57:14
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව කණ්ඩායම් හැඟිම, අවබෝධය, කීර්තිය සහ සාමුහිකත්වය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හා සිවිල් සේවකයින් ඇතුළුව 67 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රථම වතාවට මාර්තු මස 16, 17 සහ 18 යන දිනයන්හි විශේෂ සංචාරයක නිරත විය.
2018-03-15 08:29:59
යුද්ධ හමුදා වෛද්‍ය ක්ෂේත්රය තුල නව පිටුවක් සනිටුහන් කරමින් කොළඹ යුද්ධ හමුදා රෝහල මගින් ආරම්භ කරනු ලැබූ ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියට සමගාමිව ප්‍රථම වතාවට ප්‍රධානය කරන හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වු විශිෂ්ඨතා සම්මාන උළෙල - 2017 බදාදා (14) දින යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.
2018-03-13 21:52:50
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් වැඩිම පිරිසක් බිහි කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාව තුලින් බිහිවු තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය කීර්තිමත් හා සම්භාවනීය හමුදා තනතුරු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධුරයෙන් සමුගැනිමේ උත්සවය බදාදා (13) දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2018-03-09 16:34:19
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, දෙවන දිනටත් එනම් සිකුරාදා (09) දින කලහකාරි සිදුවීම් ඇතිවූ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු අධික්ෂණය කිරීමේ සංචාරයක නිරත වූ අතර දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි සිංහල, දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රචණ්ඩකාරි බලපෑම්වලට ලක් වූ ජනතාව පිළිබඳ අවධානය යොමු කෙරිණි.
2018-03-08 16:33:04
පසුගියදා මහනුවර ප්‍රදේශයේ දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි ඇතිවු කලහකාරි සිදුවීමෙන් පසු යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (8) දින උදෑසන එම ප්‍රදේශයන් නිරීක්ෂණ කරන ලදී.
2018-03-06 16:02:21
අතිගරු ජනාධිපතිතුමාගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණි පුද්ගල නාශක බිම්බෝම්බ ඉවත් කිරීමේ සම්මුතියේ ප්‍රධානි මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් මහතා (Mired Raad Zeid Al-Hussein) අද (6) දින උදෑසන යාපනය, මුහුමලේ බිම්බෝම්බ ඉවත් කරන ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ නව උපකරණ සහ බිම්බෝම්බ හඳුනාගැනීමේ සුනඛයන් (MDDs) මිලදීගැනීමට අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළහ.
2018-03-03 15:22:41
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වාරිකාර්මාන්තයට ඉවහල් වන ‘චන්දන පොකුණ’ වැවේ අළුත්වැඩියා කිරීමේ කටයුතු 100 අධික යුද්ධ හමුදා භට පිරිසක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන්ගේ දායකත්වයෙන් සිකුරාදා (02) දින ආරම්භ කරන ලදී.