Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2018 09:33:12 Hours

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය - 2018 සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand) හෝටලයේ දී අද (23) දින ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) සභාපති, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ලේකම් ඕස්ටින් ප්‍රනාන්දු මහතා සමඟින් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ නාවික හමුදාධිපති වයිස් අදිමිරාල් සිරිමෙවන් රණසිංහ ද සහභාගි විය.

ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ සභාපති ලුතිනන් ජෙනරාල් බී. පුරීවිල් (Lieutenant General B Puriwill) විසින් පළමු දින සැසියේ ප්‍රධාන දේශනය පවත්නු ලැබු අතර ඉන්දියාව, පකිස්තානය, නේපාලය, බංගලාදේශය, ඕමානය සහ එක්සත් රාජධානිය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් සහභාගි වූහ.

සම්ප්‍රදායානූකූලව පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) සභාපති මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ විසින් පිළිගැනිමේ කතාව සිදු කළ අතර, කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍යපිඨයේ මහාචාර්ය මෙන්ම කොළඹ විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජනක ද සිල්වා විසින් සැසියේ සමාරම්භක දේශනය සිදු කළහ.

මෙම තෙදින අධ්‍යයන සැසිය තුලදි ප්‍රධාන වශයෙන් ‘නිවර්තන කලාපීය රෝග පිළිබඳව නොසැලිකිලිමත් බව සහ හමුදා වෛද්‍ය විද්‍යාව’ (‘neglected tropical diseases and military medicine’), ‘මුහුණ පිළිබඳව සංවේදීතාව හා ඒ පිළිබඳ පුළුල් විග්‍රහය’ (‘facial aesthetic and comprehensive approach’), ‘ගුවන් ප්‍රවාහන වෛද්‍ය විද්‍යාව - දිය යට අන්තරායන් තුලින් ඉදිරියට යාම’ (‘aviation medicine - a way forward and dangers in the underwater environment’) යනාදී මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

‘දියවැඩියාව රෝගය හටගැනීම පාලනය’ (‘management of diabetic foot’), ‘පියයුරු පිළිකාවේ වත්මන් තත්ත්වය’ (‘current management of breast carcinoma’), ‘කාන්තා ‍සෙබලියන්ට මුහුණ පෑමට සිදුවන වෛද්‍යමය අභියෝගයන්’ (‘medical challenges of female combatant’), යුදමය වතාවරණයකදී සිවිල් සමාජයේ වෛද්‍යවරුන්ගේ වගකීම්’ (‘responsibilities of a civil general surgeon during war time’), ‘රොබෝ සැත්කම්’ (‘robotic surgery’), ‘ආපදා අවස්ථාවන්හිදි මරණ ඇතිවීම පාලනය සහ පළමුව ප්‍රතිචාර දක්වන්නන්ගේ කාර්යභාරය’ (‘management of dead in disaster; role of the first responders’), ‘රසායනික, ජෛව, විකිරණශීලි, න්‍යෂ්ඨික යුද්ධය සහ වෛද්‍ය ආචාර ධර්ම’ (‘CBRN warfare and medical ethics’) යන කරුණු පිළිබඳව විශේෂඥයින් විසින් මෙම සැසිවාරය තුලදි දේශණ පවත්වනු ලබයි.

මෙම වෛද්‍ය විද්‍යායතනයේ දීගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති විද්වතුන් සඳහා විවිධ ක්ෂේත්‍රයන් තුල තම අධ්‍යයන කටයුතු වැඩිදියුණු කරගැනීමට අවස්ථාව සැලසීම මෙන්ම ස්වභාවීක ව්‍යවසන තුලදී හා මිනිසා විසින් නිර්මාණය කරනු ලබන විපත් හිදී රට මුහුණදිය යුතු අකාරයට සකස් කිරීම පිළිබඳ අධ්‍යනයක යෙදිමට ද මෙහිදි අවස්ථාව සැලසෙයි.

පසුගිය වසර තුලදී, මේජර් ජෙනරාල් සංජිව මුණසිංහගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනය මගින් අධ්‍යාපනික හා සාමාජීය ක්‍රියාකාරකම් රැසක් සිදුකල අතර ඒ අතරින් හමුදා වෛද්‍ය විද්‍යාතනයේ සාමාජිකයින් හට තම වෘත්තීය සංවර්ධනය සඳහා වැඩමුළු 06 ක් පැවැත්වීමත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඉන් සිවිල් වැසියන් 1200 ක් සඳහා බාහිර වෛද්‍ය සායනයන් පැවැත්වීම ද සුවීශේෂි වේ.

යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහගේ යෝජනාවකට අනුව යුද්ධ හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන්, ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් ලෙස ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් 400 ක් පමණ වූ වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් එක්ව පිහිටුවාගත් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු අධ්‍යයන සැසිය 2016 මාර්තු මස 18 වන දින යුද හමුදා රෝහලේ දී පවත්වනු ලැබීය.

තවද, හමුදා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු, නවෝත්පාදනයන්, පුහුණු කටයුතු හා උපදේශණ කටයුතු ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ අරමුණ වන අතර දර්ශණවේදි උපාධි සහ පශ්චාත් උපාධි වැනි සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවන් හමුදා වෛද්‍ය නිලධාරින් සහ දන්ත වෛද්‍ය නිලධාරින් සඳහා සලසාදීම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය මගින් සලසා දෙනු ලබයි.

හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ (ICMM) රටවල් 120 ක් සාමාජිකත්වය දරණ අතර, ශ්‍රී ලංකාව ද එහි සාමාජිකත්වය දරයි.

Running Sneakers Store | Air Jordan 1 Mid - Collection - Sb-roscoff