Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2018 17:30:31 Hours

බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් පිළිගැනේ

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (24) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භුමි සටන් වල සටන්කාමිත්වය ඉතා ඉහලින් ප්‍රදර්ශණය කරමින් කීර්තියට පත් රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මහත් හරසරින් එතුමන් පිළිගන්නා ලදී. තවද, එතුමන් හමුදාධිපතිධුරයේ රාජකාරි ඇරඹි‍මෙන් පසු විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි දෙවන අවස්ථාව මෙය වේ.

විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිවිසුම් දොරටුව අසලදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර එහිදි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් ස්වකීය ජිවිතයටද ආත්මාරක්‍ෂාවට ද සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා මාතෘභුමියේ ස්වෛරිභාවය ආරක්‍ෂාකිරිමට මෙන්ම සිය සගයන්ගේ ජිවිතාරක්‍ෂාව නොහොත් සිය බලකායේ කාර්යය අරමුණු මුදුන්පත් කරගැනිම උදෙසා සක්‍රීය සේවා කාලය තුලදී ස්වෙච්ඡාවෙන්ම සතුරාට මුහුණපාමින් වික්‍රමාන්විත වු ද, අභිතභාවය ප්‍රදර්ශණය කරන්නා වුද, ක්‍රියාවෙහි පෞද්ගලිකවම යෙදුනා වු ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණවිරුවන් වෙත පිරිනමනු ලබන පරම වීර වීභුෂණ පදක්කම හිමිකර ගත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ ප්‍රතිමා වෙත හා රණවිරු ස්මාරකය වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පුෂ්පෝපහාර දක්වමින් සිය අචාරය පුදකර සිටින ලදී. මේ අවස්ථාව සඳහා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ ද එක්විය.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු අධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ රෙජිමේන්තු මුලස්ථාන කාර්ය මණ්ඩලය සමගින් සමුහ ඡායාරූපයකට ද පෙනි සිටි අතර මෙම අවස්ථාව සිහිපත් වීම සඳහා පැළයක් ද රෝපණය කරන ලදී.

එමෙන්ම, වසරකටත් වඩා අඩු කාලසීමාවකින් සාදා නිමකිරිමට හැකිවු විජයබාහු පාබල රෙජිමේන්තු සෙසුනිලයින් සඳහා අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් භට නිවාස සංකිර්ණය ද යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩාගාරයේදී නිලධාරින් සහ සෙසුනිලයින් අමතන ලද යුද්ධ හමුදාධිපතිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තු සෙබළුන් විසින් දිවයින පුරා සිදුකරනු ලබන යහපත් කාර්යයන් ඇගයිමට ලක්කරන ලද අතර යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් ර‍ට, ජාතිය වෙනුවෙන් විනයගරුකව සේවය කලයුතු බැව් ද අවධාරණය කරන ලදී. ‍මෙම සංචාරය සිහිපත් කරවමින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල පිහිටි ‘ද සැලියුට්’ උත්සව ශාලාවේ පැවති ‍සියළු නිල භෝජන සංග්‍රහයටද එක්වන ලදී.

1990 මාර්තු මස 22 වන දින පුත්තලම, සිංහවිලුවත්ත ප්‍රදේශයේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය 1993 අප්‍රේල් මස 23 වන දින කලබලකාරි නාගරිකරණය වු පරිසරයකින් බැහැරව පොල් වගා කර ඇති මනස්කාන්ත භුමි භාගයක් වන ‍කුරුණෑගල බෝයගනේ ප්‍රදේශය මුලික කරගනිමින් ස්ථාපනය කරන ලද අතර විජයබාහු පාබල රෙජිමේන්තුවේ 28 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබීය.

නිලධාරින් 650 ක්, සෙසුනිලයින් 16,000 කින් හා නිත්‍ය සහ ස්වේච්ඡා බලඇණී වලින් සමන්විත විජයබාහු පාබල රෙජි‍මේන්තුව යුද බිමේදි මෙන්ම අනෙකුත් ක්‍ෂේත්‍රයන් හිදි විවිධ වු ජයග්‍රහණයන් හිමි කර ගෙන ඇත.

latest Running Sneakers | Men’s shoes