Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පාකිස්තාන ජනාධිපති ද්වීපාර්ශ්වික සම්බන්ධතාවල වැදගත්කම අවධාරණය කරයි

    2021-03-20 09:19:30

    යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පාකිස්තාන ජනාධිපති ද්වීපාර්ශ්වික සම්බන්ධතාවල වැදගත්කම අවධාරණය කරයි

    පාකිස්තාන යුද්ධ හමුදාධිපති ජෙනරල් ජාවඩ් බජ්වා (Javed Bajwa) ගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස පාකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (19) දින පාකිස්තානය වෙත ගියේය. සංචාරයේ නිරත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි (Arif Alvi) අතර සුහද හමුවක් ද එරට ජනාධිපති මන්දිරයේදී පවත්වන ලදී.

  • ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය පාකිස්තාන හමුදාව සමඟ සාලියපුරදී ඇරඹේ

    2021-03-17 18:37:33

    ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය පාකිස්තාන හමුදාව සමඟ සාලියපුරදී ඇරඹේ

    'අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රති විප්ලවවාදී යුද උපක්‍රම’ පිළිබඳ නවීනතම යුද අභ්‍යාසය වන ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය බහුවිධ කුසලතා සහිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (17) දින උදෑසන සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත මෙම අභ්‍යාසය ද්වීපාර්ශවීය පුහුණු වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලදී.

  • සාර්ථකත්වය සඳහා ‘විනය’ දායක වන අයුරු යුද්ධ හමුදාධිපතිතුමන් පහදයි

    2021-03-16 17:57:46

    සාර්ථකත්වය සඳහා ‘විනය’ දායක වන අයුරු යුද්ධ හමුදාධිපතිතුමන් පහදයි

    35 වන ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සම්මේලනය (International Chartered Accountants Students’ Conference) අඟහරුවාදා (16) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සඳහා වරලත් ගණකාධිකාරීවරුන් 100 කට වැඩි පිරිසකගේ සහ වරලත් ගණකාධිකාරී සිසුන් ගේ සහභාගී වූ අතර සම්මේලනය කොළඹ කින්ග්ස්බරි හෝටලයේදි පැවැත්විණ...

  • යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර සංචාරයක

    2021-03-12 22:05:00

    යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර සංචාරයක

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (12) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් නැගෙනහිර පළාතේ සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු සහ අණදෙන නිලධාරීන් හමුවිය.

  • සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙනේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල යුද්ධ හමුදාධිපති සුරතින් විවෘත කෙරේ

    2021-03-12 11:54:35

    සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙනේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල යුද්ධ හමුදාධිපති සුරතින් විවෘත කෙරේ

    සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කළේය.

  • යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව රණක්‍ෂිතයට පත් තවත් විරුවෙකු විවාහ දිවියට

    2021-03-08 14:38:08

    යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව රණක්‍ෂිතයට පත් තවත් විරුවෙකු විවාහ දිවියට

    2009 මානුෂීය මෙහෙයුම් අතරතුර එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව නිර්භීතව සටන් කරමින් සිටියදී දකුණු කකුල අහිමි වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රණක්‍ෂිතයට පත් තවත් විරුවෙක් (08) දින බැළුම්මහර පිහිටි සෙනෙත්මා උත්සව ශාලාවේදී හමුදා චාරිත්‍රානුකූලව විවාහ දිවියට ඇතුළත් වූයේය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම විවාහ මංගල අවස්ථාවට සම්භාවනීය අමුත්තෙකු ලෙස සහභාගී වූයේය.

  • සැබෑ නායකත්ව ගති ලක්ෂණ පිළිබිඹු කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ්-19 එන්නත ලබාගනි

    2021-03-06 13:53:24

    සැබෑ නායකත්ව ගති ලක්ෂණ පිළිබිඹු කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ්-19 එන්නත ලබාගනි

    සැබෑ නායකත්ව ගුණය ලොවටම විඳහාපාමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (06) දින යුද්ධ හමුදා රෝහලේදි සිය කොවිඩ්-19 එන්නත ලබාගත්හ. දිවයින පුරා කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සඳහා කැපවී සේවය කරන හමුදා සාමාජිකයන් 63,000 කට අධික පිරිසකට එන්නත් ලබාදී අවසන් වූ පසු යුද්ධ හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා සිය එන්නත ලබාගැනීම ද විශේෂත්වයකි.

  • ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සමඟ සුහද හමුවක්

    2021-03-04 11:52:46

    ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සමඟ සුහද හමුවක්

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි, එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භදූරියා (Rakesh Kumar Singh Bhadauria) ශ්‍රී ලංකාවේ සිව් දින සුහද සංචාරයක නිරත විය. සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි අද (04) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසඳරක නිරත වූයේය.

  • ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ගේ සංකල්පයකට අනුව නව නාමපුවරු පැළඳවීම යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු කෙරේ

    2021-03-03 13:34:58

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ගේ සංකල්පයකට අනුව නව නාමපුවරු පැළඳවීම යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු කෙරේ

    හමුදා නිල ඇඳුමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා ඔවුන්ගේ අනන්‍යතා ලාංඡනය සහිතව සැහැල්ලු ලෝහයෙන් නිපදවන ලද නාමපුවරු පැළඳීම ඉකුත් සඳුදා (01) දින සිට ක්‍රියාත්මක කරන ලදී.

  • යුද්ධ හමුදාවේ දක්‍ෂතම වෙඩික්කරුවන් හට සම්මාන පිරිනැමීම දියතලාවේදී

    2021-02-26 09:49:04

    යුද්ධ හමුදාවේ දක්‍ෂතම වෙඩික්කරුවන් හට සම්මාන පිරිනැමීම දියතලාවේදී

    යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලියේදී 2021 වසරේ ජයගත් ක්‍රීඩකයින් හට සම්මාන පිරිනැමීමේ උත්සවය දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත්විණි.