Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2021 13:34:58 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ගේ සංකල්පයකට අනුව නව නාමපුවරු පැළඳවීම යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු කෙරේ

හමුදා නිල ඇඳුමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා ඔවුන්ගේ අනන්‍යතා ලාංඡනය සහිතව සැහැල්ලු ලෝහයෙන් නිපදවන ලද නාමපුවරු පැළඳීම ඉකුත් සඳුදා (01) දින සිට ක්‍රියාත්මක කරන ලදී.

අද (03) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසකට නාමපුවරු පැළඳවීම මෙම කාර්යයේ නිර්මාතෘ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදුකරන ලදී. නිලධාරියෙකුගේ මුල් නම සහ පසුව වාසගම සහිතව පළඳින අතර එය ජාත්‍යාන්තර හමුදා ප්‍රමීතීන්ට ගැලපෙන පරිදි දැනට භාවිතයේ පවතී. හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට ඔවුන්ට ආවේනික ලාංඡන සහිතව නව නාමපුවරු පැළදීම මගින් ඔවුන්ට ඇති පිළිගැනීම තව දුරටත් ඉහල දැමීම සහ ඔවුන්ගේ අසමසම සේවයට අමතර වටිනාකමක් ලබා දෙනු ඇතැයි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

බලලත් නිලධාරි 1 සඳහා වාසගමට පෙර මුලකුරු සහිතව වාසගමත්, බලලත් නිලධාරි 11 ශ්‍රේණියට පහළ නිලයන් සඳහා වාසගමට පසුව මුලකුරු සඳහන් වේ.

පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අනිල් උදයකුමාර විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත පිරිස් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සැනින් වෙනත් අයෙකුට හඳුනා ගැනීම සඳහා උපකාර වන අයුරින් නිමවා ඇති අතර, එමගින් යුද්ධ හමුදා සාමාජිකයන් නිල වශයෙන් වෙන්කර හඳුනා ගැනීමට හා ඔවුන්ගේ නාමයන් අන් අයට පහසුවෙන් බලා ගැනීමට හැකිවනු ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශ මත උපදේශක මණ්ඩලය විසින් තීරණය කරන ලද ප්‍රමිතීන්ට අනුව සෙන්ටිමීටර් 9 ක් දිග හා සෙන්ටිමීටර් 2 ක් පළල නව නාමපුවරු, යුද්ධ හමුදාව සඳහා යුද්ධ හමුදා වර්ණ ද අනෙකුත් සේවා සදහා ඒවායේ ආවේනික වර්ණ ද නාමපුවරුවල පසුතලය සඳහා භාවිතා කිරීම සිදුවේ.

ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සියලුම නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත්තේ ද එම පිළිවෙත අනුගමනය කර නව නාම පළඳනා පැළඳීම ආරම්භ කරන ලෙසයි.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති එම අවස්ථාව සඳහා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අනිල් උදයකුමාර සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ. latest jordan Sneakers | jordan Release Dates