2023-04-01 20:34:24
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (1) දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත වෙමින් වන්නි ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා නිලධාරින්, සෙසුනිලයන් සහ පොලිස් නිලධාරින් ආමන්ත්‍රණය කළේය.
2023-03-31 09:03:45
2023-03-25 09:31:36
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සිකුරාදා (24) දින පස්වරුවේ අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.
2023-03-21 17:49:59
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) උපදේශක කණ්ඩායම අඟහරුවාදා (21) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය. දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ උසස් ඇගයීම් සහ උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භඨ ඛණ්ඩය බී - 1’ සාමසාධක මෙහෙයුම් සඳහා ඇති සූදානම නිරීක්ෂණ කරමින් සියලුම සංග්‍රාමික ප්‍රවාහන උපකරණවල (CCE) තාක්ෂණික ගුණාත්මකභාවය සහ ප්රමිතීන් පිළිබද සොයාබැලීමට නියමිතව ඇත.
2023-03-16 14:38:12
දුෂ්කර හා අභියෝගාත්මක පුහුණුවකින් පසු ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳූ කමාන්ඩෝ භටයින් 265 දෙනෙකු සහ ‘දිගුදුර විහිදුම්’ මෙහෙයුම් සඳහා වෙහෙසකර පුහුණුවක් ලැබූ යුද්ධ හමුදා සාමාජිකයන් 85 දෙනෙකුගේ විසිර යෑමේ උත්සවය බදාදා (මාර්තු මස 15) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
2023-03-15 13:01:30
2023-03-09 12:39:02
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පුහුණු උපදේශකවරුන්ගේ විශිෂ්ඨ සේවය ඇගයීමට ලක්කරමින් උපදේශකවරුන් 16 දෙනෙකු වෙත පසුගිය බදාදා (මාර්තු මස 08) දින යුද්ධ හමුදා මුලස්ථානයට ආරාධනා කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත ‘යුද්ධ හමුදාධිපති ප්රණාම සහතිකපත්‍ර’ ප්රදානය කරන ලදී.
2023-03-01 12:22:00
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) නියෝජනය කරමින් සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා භට කණ්ඩය ඉකුත් අඟහරුවාදා (28) දින උදෑසන පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා ගෞරවාචාර පිරිනමනු ලැබීය.
2023-02-27 20:01:25
සිව්දින සුහද සංචාරයක් සඳහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි එන්අයි (එම්) එස් බීටී (Admiral Muhammad Amjad Khan Niazi NI (M), S BT) සඳුදා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
2023-02-25 21:36:24
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යා පීඨයේ (SLCOMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය ‘Resilience of Military Medicine in Times of Crisis’ යන තේමාව යටතේ අත්තිඩිය ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී ඉකුත් සිකුරාදා (24) දින සවස පැවැත්වූ අතර, ඒ සඳහා වෛද්‍ය ක්ෂේත්රය හා සම්බන්ධ හමුදා සහ සිවිල් වෛද්‍ය උපදේශකයින්, වෘත්තිකයන් සහ හමුදා වෛද්‍ය විශේෂඥයින් විශාල පිරිසක් සහභාගී වූහ.