Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2023 09:31:36 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සිකුරාදා (24) දින පස්වරුවේ අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මිහිඳු සෙත් මැඳුර සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස්. බාලසූරිය එක්ව ඔවුන් එම පරිශ්‍රය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

සංචාරයේ නිරත පිරිස මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ වාට්ටු වෙත ගොස් රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන් 28 දෙනෙකුගේ සුවදුක් විමසා බැලූ අතර එම රණවිරුවන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු පිළිබඳව ද විමසා බැලූහ. එමෙන්ම, එම රණවිරුවන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ද එහිදී සොයාබැලීය.

සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟින් තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ පිරිස වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන්වැදී අත් පා අහිමි වූ වීරෝදාර රණවිරුවන් වෙත විශේෂ ත්‍යාග පාර්සල් බෙදාදෙනු ලැබූහ.

මිහිඳු සෙත් මැඳුර පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම, ඔවුන් විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහන් තැබීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූවේය.

සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සමගාමීව මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.