2023-09-19 20:54:14
එළඹෙන පොපි මල් දිනයට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් විසින් අද (19) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත පොපි මලක් පැළඳවීය.
2023-09-13 21:17:09
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකු වෙත ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී බදාදා (සැප්තැම්බර් මස 13) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.
2023-09-06 06:57:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය වෙතින් හඳුන්වාදෙනු ලබන ‘Trade Test Management System’ යෙදවුම එළිදැක්වීම පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 05) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගි විය.
2023-09-03 09:14:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිමානය ඉහළ නැංවීම වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් ජාත්‍යන්තර, ජාතික, ආරක්ෂක සේවා සහ අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා සහ මළල ක්‍රීඩා ඉසව් තුලින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත වර්ණ ප්රදානය කිරීම සඳහා පැවති ‘යුද්ධ හමුදා පොලිස් හේවා බලකා වර්ණ රාත්‍රිය - 2023’ පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 01) දින සන්ධ්‍යාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ...
2023-09-02 13:38:41
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 01) දින සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
2023-08-26 09:32:09
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පසුගිය සිකුරාදා (අගෝස්තු 25) උදෑසන සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ අලවකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ ජූනි මස පැවැති සමස්ත ලංකා ‘කාතා’ කරාටේ ශූරතාවලියේදී රන් පදක්කම් 12ක් සහ රිදී පදක්කම් 19ක් දිනා ගනිමින් දස්කම් දැක්වූ සිසුන් 31 දෙනෙකු හමුවී ඔවුන් දිරිමත් කරමින් ක්‍රීඩා උපකරණ සහ මුල්‍යමය පරිත්යගක් සිදු කළේය.
2023-08-23 22:13:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් බදාදා (අගෝස්තු මස 23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සුභසාධක වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, එහිදී එම අධ්යක්ෂ මණ්ඩලය මගින් යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘සුවසහන අරමුදල’, ණය පහසුකම් ආදිය සඳහා වූ තොරතුරු දැනගැනීමට ‘e-Portal Widget’ මෘදුකාංගය එළිදැක්වීම සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය, ඇස් කණ්නාඩි සහ පාසල් පාවහන් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2023-08-22 21:39:55
චීන හමුදාව වෙතින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පිරිනමන කරන ලද විශේෂ සන්නිවේදන රථ 11 ක් වැඩබලන ආරක්ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්ඩී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී අඟහරුවාදා (අගෝස්තු මස 22) දින භාර දෙන ලදී.
2023-08-15 23:58:20
යුද්ධ හමුදා මුලස්ථානයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-08-14 19:15:00
ශ්‍රී ලංකා ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරිය වෙතින් බර වාහන, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ක්‍රියාකිරීම පිළිබඳ පුහුණුව ලබාගැනීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් ජාතික නිපුණතා මට්ටම (NVQ) 4, ‘ප්‍රයිම් මුවර් ක්‍රියාකරු’ පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.