Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2023 21:17:09 Hours

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිළ ලාංඡන පළඳවයි

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකු වෙත ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී බදාදා (සැප්තැම්බර් මස 13) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.

රටේ ආරක්‍ෂාව වෙනුවෙන් අනාගතයේදී ආදර්ශමත් සේවයක නිරතවීමට වඩාත් කැපවීමෙන් කටයුතු කරන බවට සහතික වෙමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ඉදිරි නඩත්තු පෙදෙස උතුරු මැද - ආඥාපති මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජී.ඒ. මුණසිංහ ආර්එස්පී ඒටීඕ, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පුහුණු සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර පීඑස්සී (විදේශ පාඨමාලාවක් හදාරමින් සිටියි), ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ඩී.පී. වෙළගෙදර ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී සහ ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත නිල ලාංඡන පළදවන ලදී.

උසස්වීම් ලැබූ නිලධාරින් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව මේජර් ජෙනරල්වරුන් වෙත අසිපත් පිරිනැමුවේය.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම්වලට ස්තූතිය පළකළ නව මේජර් ජෙනරල්වරුන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියහ.