2017-03-20 15:00:07
ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාය මාර්ගික අධ්යක්ෂ ගුවන් කොමදෝරු නසර් ජුමා මොහෙමඩ් ප්රමුඛ නියෝජිතයන් පිරිසක් අද උදෑසන (20) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
2017-03-17 21:17:10
රණ සේවා අධ්යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් 1500 ක් පමණ සිකුරාදා (17) දින පනාගොඩ යුද හමුදා ජනපද ක්‍රීඩාගාරයේ පැවති හමුවට එක්වු අතර, එහි දී යුද හමුදාව ඔවුන් වෙනුවෙන් දැනට සිදු කරමින් පවතින සුබසාධන ව්‍යාපෘති මාලාවන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමේ අරමුණින් වැඩසටහනක් පවත්වන ලදි. එහිදි, අදාල අධ්යක්ෂ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන් දැනුවත් කිරීම ද සිදු කරනු ලැබිය.
2017-03-13 12:59:00
යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් 33 ක් සඳහා නලිනක්කපුරම් නව නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීම සිකුරාදා (10) දින නලිනක්කපුරම් ප්‍රජා ශාලාවේ පැවති චාම් උත්සවයක දී සිදු කරන ලදි.
2017-03-11 15:47:13
ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු වාර්ෂික මැරතන් ධාවනය - 2017 සෙනසුරාදා (11) දින රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් හඳපාන්ගොඩ දී ආරම්භ වූ අතර, එය පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණය අසලින් අවසන් විය.
2017-03-04 20:27:47
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සමඟ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් පිරිසක් සෙනසුරාදා (4) දින යාපනයේ පැවති රැස්වීම් සඳහා සහභාගි වුහ.
2017-03-01 18:32:15
යුද හමුදා හා අනෙකුත් සහෝදර හමුදාවන්හි ආබාධිත රණවිරුවන් සඳහා තමන් විසින්ම අවශ්‍ය සෘජු කාරක හා අංගාදේශක විකලාංග නිපදවීමේ කාර්මිකාගාර දෙමහල් ගොඩනැගිලි සංකිර්ණයක් රාගම, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී ඉදිකිරීම ආරම්භ කරන ලදි.
2017-02-21 16:27:54
කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය පසුගිය වසරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමත් සමඟ සම්පුර්ණයෙන්ම විනාශයට පත් වූ අතර, ස්වේච්ඡා බලසේනා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ දැඩි සාමුහික කැපවිමේ ප්‍රතිඵලයක් ලෙස සෙසු නිලයන් සඳහා ඉදිකළ නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල අඟහරුවාදා (21) දින විවෘත කරන ලදි.
2017-02-20 17:30:40
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයක් මත හොරණ, දොඹගොඩ යුද හමුදා යුධෝපකරණ කම්හලේ නවතමයෙන් ආරම්භ කරන ලද ටයර් වල නැවත කට්ට ඇලවීමේ අංශය අද (20) උදෑසන එතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදි.
2017-02-18 09:36:52
ලෝක හමුදා දිනය වෙනුවෙන්, අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017, හමුදා ප්‍රධානින් ඇතුලු සියගණනක් වූ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (18) දින ගාලු මුවදොර පිටියේ දී පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක සහභාගි විය.
2017-02-14 23:31:45
යුධබිමේ දී ආබාධිත හා තුවාල ලබා වසර දහයක සේවා කාලයක් හෝ වසර දොළහක සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය රණවිරුවන් ඔවුන්ගේ සේවා විශ්‍රාම වැටුප ඉල්ලා කරන ලද උද්ඝෝෂනය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලැබු පොරොන්දුවකට අනුව ඔවුනට සේවා විශ්‍රාම වැටුප් 2017 පෙබරවාරි සිට ප්රදානය කිරිම අද (14) දින උදැසන ජනාධිපති ලේකම් කර්යාලයේ දී පැවති සරල උත්සවයක දී සිදුකරන ලදි.