Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2017 23:31:45 Hours

අතිගරු ජනාධිපතිතුමාගේ පොරොන්දුවකට අනුව ආබාධිත ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් වෙත සේවා විශ්‍රාම වැටුප හිමි ගැන්වේ

යුදබිමේ දී ආබාධිත හා තුවාල ලබා වසර දහයක සේවා කාලයක් හෝ වසර දොළහක සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය රණවිරුවන් ඔවුන්ගේ සේවා විශ්‍රාම වැටුප ඉල්ලා කරන ලද උද්ඝෝෂණය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලැබු පොරොන්දුවකට අනුව ඔවුනට සේවා විශ්‍රාම වැටුප් 2017 පෙබරවාරි සිට ප්‍රදානය කිරිම අද (14) දින උදැසන ජනාධිපති ලේකම් කර්යාලයේ දී පැවති චාම් උත්සවයක දී සිදුකරන ලදි.

ආබාධිත රණවිරුවන් හට සේවා විශ්‍රාම වැටුප් හිමිගැන්විම වෙනුවෙන් සංකේතාත්මකව 150 දෙනෙකු වෙත සහතික පත් පිරිනැමිමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපතිතුමා සහභාගි වූ අතර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, නිතිය හා සාමය පිළබද අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි, පොලිස් නියෝජිතයෙක්, රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුලු ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යුද්ධය අවසන් වූ 2009 මැයි මස සිට පැවති දීර්ඝ ඉල්ලීමක් යථාර්තයක් බවට පත් කරමින් එහිදී, යුද හමුදා (100), නාවික හමුදා (22), ගුවන් හමුදා (25) සහ පොලිස් (03) ආබාධිත සාමාජිකයින් වෙත සේවා විශ්‍රාම වැටුප් සහතික පත් හිමිගන්වන ලදී.

මේ අනුව, ආබාධිත රණවිරුවන් හට අනෙකුත් සේවාවන් හා සහෝදර රණවිරුවන්හට මෙන්ම ඔවුන්ගේ වයස අවුරුදු 55 වන තෙක් මාසික වැටුප් සහ අබාධිත සේවා විශ්‍රාම වැටුප ලබාදිම සිදු කරනු ලැබේ.

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම මත ආරක්ෂක අමාත්‍යංශය විසින් මුල්‍ය රෙගුලාසිවලට අනුකුලව සියලු පරිපාලන ක්‍රමවේදයන්ගේ අධීක්ෂණ හා නිර්දේශය මත පැවති සාකච්ජා වට කිහිපයකින් පසුව එක් එක් ආබාධිත තත්වයන් මත වෛද්‍ය ප්‍රතිශතය අනුව ඔවුන්හට සේවා විශ්‍රාම වැටුප හා ආබාධිත විශ්‍රාම වැටුප ගෙවිමට තිරණය කලහ.

තවද, ආරක්ෂක අමාත්‍යංශය ආරම්භ කර ඇති අනෙකුත් සුබ සාධන කටයුතු වලට අමතරව සියලු යුද හමුදා රෝහල් වෙතින් ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත වෛද්‍ය සේවා ලබාදිම අඛණ්ඩව සිදු කරන අතර, රෙජිමේන්තු මගින් දැනට ක්‍රියාත්මකවන සුබසාධන සේවා ව්‍යාපෘති මගින් අබාධිත නිලධාරින් සහ සෙසුනිලයන්ගේ අවශ්‍යතා හදුනාගෙන ඔවුන්හට ප්‍රමුඛත්වයක් දෙනු ලැබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ලේකම්වරු, හමුදාපතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ තවත් සම්භාවනිය පිරිසක් මෙම සහතික ලබාදිමේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

buy shoes | Sneakers Nike Shoes