Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2017 09:36:52 Hours

ලෝක හමුදා දිනය වෙනුවෙන් පැවැත්වෙනCISM මාර්ග ධාවනය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සියගණනක් එක්වේ

ලෝක හමුදා දිනය වෙනුවෙන්, අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017, හමුදා ප්‍රධානින් ඇතුලු සියගණනක් වූ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (18) දින ගාලු මුවදොර පිටියේ දී පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක සහභාගි විය.

ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමඟින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයන්පති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ලෝක හමුදා දිනයට සමගාමිව පැවැත්වෙන මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සඳහා සහභාගි වුහ.

ක්‍රීඩාව තුලින් සන්නද්ධ හමුදාවන් එකමුතු වී ලෝක සාමය ලඟාකර ගැනීමේ (Friendship through Sports’) අරමුණින් පැවැත් වූ මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවන තරඟ සිය ගණනක් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කිලෝමීටර් 02 ක දුරක් ධාවනයේ යෙදි කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලය අසලින් අවසන් විය.

අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය ‘Conseil International du Sport Militaire’ (CISM), 1948 පෙබරවාරි 18 දින ආරම්භ වූ අතර, එම දිනය වෙනුවෙන් සාමාජික රටවල් 134 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මිත්‍රත්වයෙන් එක්රැස් වී විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලැබේ.

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය ලෝකයේ පවතින විශාලතම බහුවිධ සංවිධානයක් වේ. මෙමඟින් එහි සාමාජික රටවල් 134 ක සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබන අතර, මහාද්විපික හා කලාපීය වශයෙන් වාර්ෂිකව විවිධ ක්‍රීඩා ඉසව් 30 කින් ලෝක හමුදා ශුරතා තරඟාවලි 20 ක් පමණ සංවිධානය කරනු ලබයි. ඒවා නම් ලෝක හමුදා ක්‍රීඩා, ශීත සෘතු ක්‍රීඩා සහ ලෝක ශිෂ්‍ය භට ක්‍රීඩා තරඟාවලි වශයෙන් හැදින්විය හැක.

1998 වර්ෂයේ දී අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මෙහෙවර ප්‍රකාශය සඳහා සියලු සාමාජික රටවල් අත්සන් තබා ඇති අතර, ක්‍රීඩාව තුලින් සන්නද්ධ හමුදා එකමුතුවෙන් ලෝක සාමය “Friendship through Sport” ළඟා කරගනු ලැබිම මෙහි අවසන් ඉලක්කයවේ.

Sneakers Store | Nike Shoes, Sneakers & Accessories