07th November 2016 16:21:54 පැය
මාලදිවයින ජාතික ආරක්ෂක හමුදා ප්‍රධානි මේජර් ජෙනරාල් අහමඩ් ශියාම් අද (07) දින යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
07th November 2016 14:12:10 පැය
හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලත් පද්ම ශ්‍රී පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේවයන්ගේ අවසන් කටයුතු අද සන්ද්‍යාවේ (05) පුර්ණ රාජ්‍ය හා හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්රයේ දී සිදු කරන ලදි. අමරදේවයන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බ්‍රහස්පතින්දා (03) දින මිය යන විට 88 වන වියේ පසුවිය.
05th November 2016 21:15:33 පැය
2009 මැයි මස යුද්ධය අවසන් කිරීමට පෙර දේශය වෙනුවෙන් අභිතව සටන් වැදි වීරෝදාර රණවිරුවන් හට රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම් (රණ ශූර පදක්කම) ප්රදානය කිරීමේ උත්සවය......
05th November 2016 21:10:27 පැය
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු 65 වන සංවත්සරය වෙනුවෙන් සිකුරාදා (04) දින පනාගොඩ එම රෙජිමේන්තු මුලස්ථානයේ දී සැමරුම් වැඩසටහන් මාලාවක් ආරම්භ කෙරිනි.
04th November 2016 00:06:30 පැය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 26 වන උපාධි ප්‍රදානොත්සවය බදාදා (02) දින බණ්ඩාරනායක අනුස්මරණ.........
04th November 2016 00:02:38 පැය
යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක සිකුරාදා (4) දින සිය ධූරයෙහි රාජකාරී භාර ගනු ලැබීය. මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක නව ධූරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක තනතුරු හොබවා ඇත.
03rd November 2016 19:12:31 පැය
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයෙහි දී යුද බාධක තරණය කිරීමේ කණ්ඩායම්......
03rd November 2016 19:10:44 පැය
කිලිනොච්චි නගරය ආසන්නයේ A-9 මාර්ගයට කඩා වැටි ඇති විශාල ගසක් ඉවත් කිරීම සඳහා කිලිනොච්චි භට පිරිස් සිය සහයෝගය දක්වන ලදි.
03rd November 2016 12:34:11 පැය
යුද හමුදා භට පිරිස්හි සුවිශේෂි දායකත්වයෙන් හා පුනරුත්ථාපනය වු එල්ටිටිඊ සමාජිකයින් සහ නිවාස ප්‍රතිලාභීන්ගේද සහයෝගය ඇතිව මාස 04 ක් වැනි කෙටි කාලසීමාවක් තුලදී අවතැන් වු ජනතාව වෙනුවෙන් යාපනය කීරමලේ ප්‍රදේශයේ ඉදිකරනු ලැබු නිවාස 100 අද (31) පස්වරුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම නිවාස ලාභීන් වෙත පවරාදෙන ලදී.
01st November 2016 21:46:31 පැය
‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැසටහනේ තවත් එක් අදියරක් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ පුර්ණ අධික්ෂණය යටතේ නොවැම්බර් මස 02 සිට 04 දක්වා දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මුලස්ථාන දේශණ ශාලාවේ දී පවත්වන ලදි.