Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2016 14:12:10 Hours

හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේව වෙත හමුදා ගෞරව

හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලත් පද්ම ශ්‍රී පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේවයන්ගේ අවසන් කටයුතු අද සන්ද්‍යාවේ (05) පුර්ණ රාජ්‍ය හා හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍රයේ දී සිදු කරන ලදි.

අමරදේවයන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බ්‍රහස්පතින්දා (03) දින මිය යන විට 88 වන වියේ පසුවිය.

අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මඟපෙන්වීම යටතේ ඩබ්ලිව්.ඩි. අමරදේවයන්ගේ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය හා හමුදා ගෞරව මධ්‍යයේ සිදු කළ අතර, ඒ වෙනුවෙන් සතියක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කරන ලදි.

ඒ අනුව සිකුරාදා (04) දින රථ පෙළපාලියකින් රැගෙන එන ලද දේහය නිදහස් චතුරස්‍රයේ තැන්පත් කරන ලද අතර, එහිදි එතුමාගේ දේහයට ගෞරව දැක්විම සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් ගෞරව රාජකාරීන්හි යොදවන ලදි.

එතුමාගේ දේහයට මුලික හමුදා ගෞරව ආචාර දැක්විමෙන් අනතුරුව පැවති අවමංගල්‍ය පෙරහැර සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

දේහය වෙනුවෙන් ආගමික වතාවත් සිදු කිරීමට පෙර ආචාර වෙඩි මුර 17 ක් පිරිනැමිම සිදු කරන ලදි. අමරදේවයන් සියලු ජන හදවත් තුල සදාකාලිකව පවතිනු ඇත.

මෙම අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිලි වික්‍රමසිංහ මැතිතුමා, අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, යුද හමුදාපති, පොලිස්පතිතුමා, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, සංගීතඥයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

ජාතික උරුමයක් ලෙස විරුදාවලිය ලත් අමරදේවයන් හින්දුස්ථාන සම්ප්‍රදායෙන් ආභාෂය ලත් සිංහල සංගීතය වෙනත් මාවතකට යොමු කිරීමටත් අනන්‍ය වූ සිංහල සංගීතය හා ගායනා ශෛලීයක් නිර්මාණය කිරීමටත් සමත් විය.

Nike shoes | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret